Gossips

අලූත් අවුරුද්දේ ජනපතිගෙන් ඉල්ලීමක්

හෙට පෙරවරු 11.17 ට යෙදෙන සුබ මොහොතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් අතරට පැළ සිටුවීමේ නැකතද එක්කර තිබීම විශේෂත්වයක්.
විශේෂ නැකත් යෝගයක් යෙදී ඇති හෙට දිනයේ පූර්ව භාග 11.17 ට ශ්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැල සිටුවීම යහපත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.