අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 03.54 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා.
මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ අපරභාග 02.42 ටයි.
රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභවය සිදුකළ යුතු බවටයි නැකත් චාරිත්‍රවල සඳහන් වූයේ.
