Gossips

අලූත් අවුරුද්දෙන් පසු බඩ ඉරිඟු එකවර වගාකරන්න – ගොවීන්ට ආරාධනා

සේනා දළඹු හානිය අවම කර ගැනීම සඳහා ඉදිරි යල කන්නයේ බඩඉරිඟු වගාව සිංහල අලූත් අවුරුද්දෙන් අනතුරුව සිදුකරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සහ සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග කියා සිටියේ මේ වනවිට ගම් මට්ටමින් සේනා දළඹු හානිය පාලනය කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවයි.
සේනා දළඹු උවදුර මෙරට බඩ ඉරිඟු වගාවේ අඩකටත් වැඩි ප්‍රමාණයකට පැතිර ගිය අතර කෘෂි කර්ම නිළධාරීන් සඳහන් කළේ බඩඉරිඟු එම සත්වයාගේ ප්‍රියතම ආහාරය බවයි.
මේ අතර මහවැලි බල ප්‍රදේශවල ගොවීන් සහ ජනතාව ක්ෂේත්‍රයට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ දඹුල්ලෙන් ආරම්භ වුණා.