Gossips

අලූත් අවුරුද්දට සතොසෙන් පාරිභෝගික ද්‍රව්‍ය සහන මිලට

සිංහල සහ හින්දු අලූත් අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ලංකා සතොස කටයුතු යොදා තිබෙනවා.
ඒ සඳහා දිවයින පුරා අලෙවිසැල් 400කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙන අතර, බස් නැවතුම්පල, දුම්රියපල ආදී ස්ථානවල ලබන සතියේ සිට ජංගම රථද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
උත්සව සමයේ හිඟයකින් තොරව පාරිභෝගික ද්‍රව්‍ය ලබාදීම එහි අරමුණ බව ලංකා සතොස ප්‍රකාශකයෙකු සඳහන් කළා.