Gossips

අලූත් අවුරුද්දට පොල් හිඟයක් නැහැ

අලූත් අවුරුදු සමයේ වෙළද පොලේ පොල් හිගයක් ඇති නොවන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට රුපියල් 75 ත් 100 ත් අතර පවතින පොල් ගෙඩියක මිල මැයි මාසය වනවිට අඩුවනු ඇති බවටයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
මේ අතර, අලූත් අවුරුද්දට පෙර කිරිපිටි සහ ගෑස් මිලෙහි වැඩිවීමක් සිදු නොවන බව ද එහි අධ්‍යක්‍ෂිකා ඉන්දිකා රණතුංග මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.