කොළඹ – අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අංගොඩ – බුත්ගමුව ප්‍රදේශයේදී ඊයේ (08) අත්අඩංගුවට ගත් එම සැකකරු වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.
22 හැවිරිදි ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
පසුගිය පෙබරවාරි 16 වනදා සිදුවූ එම වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එසේම වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ද එහිදී ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීමකින් මියගියා.
