Gossips

අලුයම සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් එම ස්ථානයේම මියයයි (ඡායාරූප)

මාතර – වැලිගම ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (15) අලූයම මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් කළ රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර මීගමුව – මීරිගම ප්‍රධාන මාර්ගයේ පත්තිනිගොඩැල්ල – අටේ කණුව ප්‍රදේශයේ ඊයේ (14) සිදුවූ තවත් අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

(ඡායාරූප වැලිගම තරංග ගුණරත්න)