Gossips

අලුත උපන් බිළිඳෙක් ත්‍රී රෝද රථයකින් හමුවෙයි

මොණරාගල ගොවිඳුපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ ත්‍රී රෝද රථයක දමා ගොස් සිටි කුඩා බිළිඳෙකු සියඹලාන්ඩුව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රී මෙම බිළිඳා ත්‍රී රෝද රථයට දමා මව පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අදාළ නිවසේ වහලයට කිසියම් අයෙකු ගල් ගසා ඇති අතර එය සෝදිසි කිරීමට නිවෙස් හිමියන් පිටතට පැමිණි අවස්ථාවේ දී බිළිඳා ත්‍රී රෝද රථයේ ඇති බවට දැක තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන් එක්ව බිළිඳා රෝහලට ඇතුලත් කර ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සඳහන්.
තමන් නිවසින් පිටතට පැමිණෙන අවස්ථාවේ දී එම ස්ථානයේ තිබී ත්‍රී රෝද රථයක් ද පිටත්ව ගිය බවයි නිවෙස් හිමියන් ප්‍රකාශකර ඇත්තේ.
බිළිඳා ඉපදී ඇත්තේ ද ඊයේ දිනයේ බවට හෙළිවී තිබෙනවා.
සිද්ධිය පිළිබඳ ගොවිඳුපුර පොලිසිය විමර්ශණ සිදු කරනවා.