Gossips

අලුතෙන්ම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් හිමිකරගත් රට

නේපාල ක්‍රිකට් කණ්ඩායම අන්තර් ජාතික එක්දින ක්‍රිකට් වරම් හිමිකර ගැනීමට ඊයේ (15) සමත්වුණා.
ඒ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයකදී පැපුවා නිව්ගිනීයාව කඩුළු 6 කින් පරාජය කිරීමත් සමඟයි.
සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතී මෙම තරගයේ පළමු ලකුණු රැස් කළ පැපුවා නිව්ගිනීයා කණ්ඩායම පන්දුවාර 27යි පන්දු 2 ක් තුලදී සියලු දෙනා දැවී ලකුණු 114ක් ලබාගත්තා.
එම ඉලක්කය පන්දුවාර 15 ක් තුල කඩුළු 4 ක් දැවී සපුරා ගැනීමට නේපාල ක්‍රීඩකයින් සමත්වුණා.
මේ තරඟ ජයත් සමඟයි නේපාල කණ්ඩායමට ජාත්‍යන්තර එක්දින වරම් හිමිව ඇත්තේ.
ඒ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ මෙතෙක් සුදුසුකම් නොලබා තිබූ කණ්ඩායම් අතරින් හොඳම කණ්ඩායම් දෙකට මෙම විශේෂ අවස්ථාව හිමිවන අතර එම අවස්ථාව 2022 වනතුරු ඔවුන් සතුවනු ඇති.
මේ අතර මීට පෙර එම තත්වය හිමිව තිබුනේ හොංකොං කණ්ඩායමට සහ පැපුවා නිව් ගීනියා කණ්ඩායම් වලටයි.
ඒ අනුව එම කණ්ඩායම් දෙකෙන් ගිලිහුණු එක් අවස්ථාවක් මෙලෙස නේපාල කණ්ඩායමට හිමිවන අතර මෙම තරඟාවලියේදී තවත් කණ්ඩායමකට එම අවස්ථාව හිමිවනු ඇති.
මෙහිදී සිදුවන්නේ ඉදිරියේදී නේපාල කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන එක්දින තරඟ ජාත්‍යන්තර තරඟ ලෙස පිළිගනු ලැබීමයි.
rnrn