Gossips

අලුතින් දුම්රිය මැදිරි 160ක්

දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සහ දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් වන ඉන්දියානු රයිට් සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතෝර් අතර ඊයේ (07) ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය මැදිරි 250ක අවශ්‍යතාවක් පවතින අතර ඊට පිළියමක් ලෙසයි මෙලෙස දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ.
ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය යටතේ මෙම දුම්රිය මැදිරි මිලදී ගන්නා අතර, ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82.6ක්.
මෙම දුම්රිය මැදිරි 160ට ආසන 90ක් සහිත තුන්වන පන්තියේ මැදිරි 41ක්, ආසන 64ක් සහිත දෙවන පන්තියේ මැදිරි 41ක්, ආසන 50ක් සහිත තුන් වන පන්තියේ නියාමක මැදිරි 17ක්, ආසන 38ක් සහිත දෙවන පන්තියේ මැදිරි 8ක්, ආසන 58ක් සහිත භෝජනාගාර මැදිරි 13ක්, ආසන 50ක් සහිත වායු සමනය කරන ලද මැදිරි 35ක් සහ පාර්සල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන මැදිරි 5ක් ඇතුළත්.
මෙම දුම්රිය මැදිරි ඉදිරි වසර එක හමාරක කාලය තුළ ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතයි.