හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය, අනුරාධපුරයේ ජයශ්‍රීමහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුණා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මෙම අත් සහල් මංගල්‍යය සංවිධාන කර තිබුණේ 51 වන වරටයි.
ඊට එක්වූ ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ, රිදී කාසි පූජාවක්ද සිදුකර ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එහිදී ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සාමාජිකයන්ට හැඳුනුම්පත් ලබාදීම සහ සියලුම පළාත් ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේනික වූ බීජ වී වර්ග ගොවීන් වෙත ලබාදීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
