Gossips

අලුත් සහල් මංගල්‍යයට ජනපති පොළොන්නරුවේදී එක්වෙයි

පසුගිය කාලසීමාවට සාපේක්ෂව වැඩිම වී අස්වැන්න මෙවර මහා කන්නයේදී ලබා ගත හැකිවූයේ රජයේ දක්ෂතාවය නිසා නොව, ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව ගල්විහාර පූජා භූමියේ අද පැවති අලූත් සහල් මංගල්‍යයට එක්වෙමින්.
මේ අතර ගුවන් හමුදා සෙබලියක වන අයේෂා දිල්හානිගේ සිව් නිවුන් දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 2 ක පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදී තිබෙනවා.
එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ඊයේ මෙලෙස මුදල් පරිත්‍යාග කර තිබුණේ ජනාධිපති කාර්යාලයේදීයි.
‘‘ජනපතිට කියන්න’’ වැඩසටහනෙන් ඇය උපකාර ඉල්ලා සිටි අතර ඒ අනුවයි මෙම ජනාධිපතිවරයා මෙම මුදල් පරිත්‍යාගය සිදුකර ඇත්තේ.