Gossips

අලුත් මදුරු විශේෂ දෙකක් සොයාගැනේ

හික්කඩුව – ගල්දුව ප්‍රදේශයෙන් නව මදුරු විශේෂ දෙකක් හඳුනාගෙන තිබෙනවා.
ඊයේ හික්කඩුව ප්‍රදේශයේ නව කීට විද්‍යාගාරයක් විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ජාතික බරවා මර්දන මධ්‍යස්ථානයේ කීට විද්‍යා නිළධාරි. පී. රණසිංහ සදහන් කළේ වසරක පමණ කාලයක් එම ප්‍රදේශයේ වගුරුබිම් ආශ්‍රිතව සිදුකළ පරික්ෂණයකින් අනතුරුව මෙම මදුරු විශේෂ හදුනාගත් බවයි.
කෙසේ වෙතත් එම මදුරුවන් රෝගය වාහකයන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.