Gossips

අලුත් ගමනක් යනවා – අගමැති කියයි

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු අලූත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවීමටද බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කර ඇති බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.