උදාවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සකසන ලද නැකත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට පිළිගැන්වීම අද (04) පෙරවරුවේ සිදුකෙරුණා.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න අතින් ජනාධිපතිවරයා වෙත එය පිළිගැන්වුයේ ජනාධිපති නිළ නිවසේදීයි.
මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩී.ස්වර්ණපාල, උපදේශක රවිබන්දු විද්‍යාපති, අනූෂා ගෝකුල යන පිරිස එක්ව සිටියා.
