Gossips

අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට විශේෂ දුම්රිය 12 ක්

අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා හෙට (12) දිනයේදී විශේෂ දුම්රිය 12 ක් ධාවනයට යොදවා තිබෙනවා.
ඒ අනුව, රාත්‍රී 7 යි 20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මීට අමතරව, හෙට රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු 6 යි 50 ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා තිබෙනවා.
එමෙන්ම, කොළඹ කොටුව සහ මහව අතර විශේෂ දුම්රිය දෙකක් ද මරදාන සිට ගාල්ල සහ මාතර දක්වා විශේෂ දුම්රිය 4 ක් හෙට දිනයේදී ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.