Gossips

අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්ත වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
පෙරේදා දිනයේදී මෙම වැටලීම් ආරම්භ කෙරුණු අතර, අප්‍රේල් මස 12 වනදා දක්වා එය සිදුකරන බවයි එම අධිකාරිය සදහන් කළේ.
මෙහිදී ජංගම වෙළදසැල් මෙන්ම පාරිභෝගිකයින් වැඩි වශයෙන් භාණ්ඩ මිලදී ගැනීම් සිදුකරන ඇඳුම් පැළඳුම්, රස කැවිලි, විදුලි උපකරණ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් කෙරෙහි වැඩි අවධානය යොමුකරනු ඇති.
එසේම, අත්‍යාවශ්‍ය භාණ්ඩ සඟවා තබන වෙළඳුන් අත්අඩංගුවට ගැනීමට ද මෙම වැටලීම් වලදී කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේ.