Gossips

අලුත් අවුරුද්ද අදයි

පුණ්‍ය කාලය අද පූර්වභාග 01.49 ට උදාවූ අතර එය අවසන් වන්නේ අපරභාග 02.37 ටයි.
අලූත් අවුරුදු උදාව අද පූර්වභාග 08.13ට සිදුවනවා.
පුණ්‍ය කාලය තුළ සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකත් චාරිත්‍රවල දැක්වෙනවා.
ආහාර පිසීමේ නැකත අද පූර්ව භාග 10.40 ට යෙදී තිබෙනවා.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අද පූර්ව භාග 11.53 ට යෙදී තිබෙනවා. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.
අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 16 වැනිදා පූර්ව භාග 10.16 ට යෙදී ඇති අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත 19 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 ට යෙදී තිබෙනවා.