උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබෙනවා. 
පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා, ස්නානය කිරීම සුදුසු වන බවයි මෙවර නැකත් චාරිත්‍රවල සදහන් වන්නේ. 
මේ අතර, හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය කළුතර – බෝම්බුවල ශ්‍රී සුබෝධීරාජාරාම මූලස්ථාන මහා විහාරයේදී පැවැත්වීමට රජය කටයුතු සංවිධාන කර තිබෙනවා.



