Gossips

අලුත් අවුරුද්දේ ජනපතිගෙන් ආරාධනයක්

උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ජනතාව සැමරුවේ ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින්.
පූර්වභාග 8.13 ට අලුත් අවුරුදු උදාව සිදුවූ අතර, ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.40 ට යෙදී තිබුණා.
11.53 ට සුබ මොහොතින් වැඩ අල්ලා, ගණුදෙනු කර ආහාර අනුභවය සිදුවූ අතර, අද පූර්වභාග 1.49ට ඇරඹි පුන්‍ය කාලය අවසන් වුණේ අපරභාග 2.37 ටයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවුරුදු උදාව සැමරුවේ කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේ සිටයි.
වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ බෙලි පැළයක් ද රෝපණය කරනු ලැබුවා.
අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගණුදෙනු කිරීමේ කටයුතුවලට එක්වුණා.
පසුව ජනාධිපතිවරයා ලක්වාසී ජනතාවට අවුරුදු සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ මාතෘ භූමිය ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු බවයි.
අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අනිද්දා පූර්ව භාග 10.16 ට යෙදී තිබෙනවා.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ 19 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03ටයි.