Gossips

අලුත් අවුරුද්දෙන් පසු විදුලි අර්බුදය උග්‍රවන බව ඉංජිනේරුවන් කියයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විදුලි ඉල්ලූම යළි ඉහළ යනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මෙම අදහස් පළ කළා.
මේ අතර විෂයභාර අමාත්‍ය රවී කරුණානායක කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ අප්‍රේල් 10 වනදා වනවිට විදුලි අර්බුදය නිමා වන බවයි.
කෙසේ වෙතත් විදුලි සැපයුම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් විදුලි ඉල්ලුම පහත වැටෙනු ඇති බවයි.
එහෙත් අප්‍රේල් විස්ස පමණ වනවිට යළිත් විදුලි ඉල්ලුම ඉහළ යන බැවින් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුණහොත් යළි විදුලි අර්බුදය උග්‍ර වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ වනවිට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 38.8 ක් ලෙස ලෙස සටහන් වන අතර, කොත්මලේ ජලාශයේ ජල මට්ටම අද වනවිට සටහන් වන්නේ 33.8 ක් ලෙසයි.
රන්ටැඹේ ජලාශය සියයට 8.8 දක්වා සීග්‍ර පහත වැටීමක් පෙන්නුම් කරනවා.
කාසල්රී ජලාශයේද ජල මට්ටම සියයට 11 ක් ලෙස සටහන් වන අතර, මාවුස්සාකැලේ සහ සමනලවැව ජලාශවලද ජල මට්ටම අඩුවී තිබෙනවා.
වළාකුළු සහ ජල වාෂ්ප නොමැතිවීම නිසා මාවුස්සාකැලේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාත්මක වූ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලියද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

rn