Gossips

අලුත් අවුරුද්දෙන් පසු, විදුලි ඉංජිනේරුවන් වර්ජනයකට සැරසේ

අප්‍රේල් 20 වන දායින් පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට විදුලි ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩුගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ දැනුවත් කිරීමේ ලිපිය හෙට දින විෂය භාර අමාත්‍යවරයාට ලබාදීමට කටයුතු කරන බවයි.
අඩු වියදම් විදුලි බලාගාර සකස් කිරීමට අදාළ සැලැස්ම තම සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇතත්, එය මෙතෙක් අනුමත නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, සිය දීමනා ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛය අද දිනයේ නිකුත් කළහොත් හෙට සිට සේවයට වාර්තා කිරීමට සූදානම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා.
දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ආරම්භ කළ වර්ජනයට අදට දින 41ක් ගත වනවා.