Gossips

අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

එළඹෙන අලූත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ එම සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කමිටු දෙකක් පත්කර ඇති බවයි.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනවේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම්දී ඇති බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් කියා සිටියා.