Gossips

අලුත් අවුරුද්දට ගෙදර යන්න ප්‍රවාහන පහසුකම් රැසක්

එළඹෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මකයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අතිරේක දුම්රිය ගමන්වාර 65 ක්, ඒ අනුව ධාවනයට එක්කර ඇති බවයි.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයද අමතර බස් රථ අයත් බස් රථ 1500 ක් ධාවනයට යොදවා තිබෙනවා.
පෞද්ගලික බස් රථ 600 ක් ද ගමනාගමන කටයුතු සඳහා යොදවා ඇති අතර මෙම සියලූ සේවාවන් එළඹෙන 22 වනදා දක්වා ක්‍රියාත්මකයි.
එමෙන්ම උත්සව සමය නිමිත්තෙන් ඊයේ සිට ලබන 21 වනදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
මේ හේතුවෙන් එම කාලසීමාව තුළ ධාවන අංශයේ සියලූ නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි එහි සභාපති තුසිත කුලරත්න කියා සිටියේ.
මේ අතර බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීම සදහා විශේෂ දුරකථන අංකයක් ද හදුන්වා දී තිබෙනවා.
011 2 860 860 දුරකථන අංකයට ඒ පිළිබදව දැනුම්දීමෙන් අදාළ නීතිමය පියවර ගත හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.
මීට අමතරව, අධිවේගී මාර්ග භාවිත කරන මගීන්ට ද අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.
සෑම වසරකම මෙන්ම, මෙවර ද අලූත් අවුරුදු සමයේ ඇති වන හදිසි අනතුරු වළක්වා ගැනීම සදහා කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පුහුණුකිරීමේ අංශයේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා ඉල්ලීමක් කළා.