Gossips

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අද පස්වරු 4 දක්වා අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 6, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
මීට අමතරව කොළඹ 4 සහ 5 යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.