Gossips

අලුත්ම සමීක්ෂණයට අනුව ලෝකයේ සතුටුදායකම ජනතාව සිටින රට මෙන්න

අලුත්ම සමීක්ෂණයට අනුව ලෝකයේ සතුටුදායකම ජනතාව සිටින රට මෙන්න "
එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ෆින්ලන්තය ලොව සතුටුදායකම ජනතාව සිටින රට ලෙසට නම්කර තිබෙනවා.
පරිසරයට ඇති ලැදිබව, ආරක්ෂාව, යහපත් ළමා සෞඛ්‍ය ආරක්ෂනයට, නොමිළේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව සහ පාසල්වල තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.
පසුගිය වසරේ පළමු ස්ථානයට පත්ව තිබුණේ නෝර්වේ රාජ්‍ය වන අතර, මෙවර එරට දෙවන ස්ථානයටත්, ඩෙන්මාර්කය තෙවන ස්ථානයටත් පත්ව තිබෙනවා.
එම වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 116 වන ස්ථානයයි.
එම සමීක්ෂණයට අනුව ලොව සතුටුදායකම ජනතාව සිටින රට ලෙසට නම්කර ඇති ෆින්ලන්තය.

එම සමීක්ෂණයට අනුව ලොව සතුටුදායකම ජනතාව සිටින රටවල් අතර අවසාන ස්ථානයේ පසුවන Burundi.