Gossips

අලුත්ම ලෝක කණ්ඩායමට අලුත් මුහුණු දෙකක්

බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ මැයි 31 වනදා ලන්ඩනයේ – ලෝඞ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 20 යි 20 තරඟය සඳහා සහභාගි වන අයි.සී.සී ලෝක කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා.
ඒ, නවසීලන්තය නියෝජනය කරන ලුක් රොන්චි සහ මිචෙල් මැක්ලෙනගන්, එංගලන්ත නායක ඉයොන් මෝගන්ගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායමට දිනේෂ් කාර්තික්, ශහිීඩ් අෆ්රිඩි, ශකීබ් අල් හසන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා ද ඇතුළත්.
මෙම තරඟය පැවැත්වෙන්නේ ඉර්මා සහ මරියා සුළි සුළං නිසා විනාශ වූ කැරිබියානු ක්‍රිකට් ක්‍රීඩාංගන අලුත්වැඩියා කිරීම සඳදහා මුදල් උපයා ගැනීම සඳහායි.
World XI Squad:
Eoin Morgan(c),
Dinesh Karthik,
Mitchell McClenaghan,
Hardik Pandya,
Thisara Perera,
Rashid Khan,
Luke Ronchi,
Shahid Afridi,
Shoaib Malik,
Shakib Al Hasan,
Tamim Iqbal
Windies Squad:
Carlos Brathwaite(c),
Rayad Emrit,
Andre Fletcher,
Chris Gayle,
Evin Lewis,
Ashley Nurse,
Keemo Paul,
Rovman Powell,
Denesh Ramdin,
Andre Russell,
Samuel Badree,
Marlon Samuels,
Kesrick Williams