Gossips

අලුත්ම මුහුණු තුනක් එක්ක සුපිරි 20-20 ගැටුමට සංචිතය නම් කරයි

ඉන්දියාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක්වන දකුණු අප්‍රිකා සංචිතය නම්කර තිබෙනවා.
ඊට ජාත්‍යන්තර 20 යි 20 පිටියට නවකයන් තුන්දෙනෙකු වන ක්‍රිස්ටියෑන් ජොන්කර්, ජුනියර් ඩලා සහ හෙන්රිච් ක්ලාසීන් කැඳවා තිබීම විශේෂත්වයක්.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේදී ජේ පී ඩුමිනි දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ඇති.
ඒ ඇගිල්ලේ ආබාධයක් හේතුවෙන් ඉවත් කෙරුනු පෆ් ඩු ප්ලෙසි වෙනුවෙන්.
දෙරට අතර පැවති පළමු එක්දින තරගයේදීයි ඔහු ආබාධයකට ලක්වුනේ.
ඉන්දියාවට එරෙහි 20 යි 20 තරගාවලියේ අවසානයත් සමග ආරම්භ වන ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම විවේක ගැන්වීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒඩන් මාර්ක්රම්, හසීම් අම්ලා, ඉම්රාන් තහීර් ද ඊට අයත්.
ඉන්දියාවට එරෙහි 20 යි 20 සංචිතයට ජේ පී ඩුමිනි, ෆර්හාන් බිහර්දීන්, ඒ බී ඩිවිලියස්, රීසා හෙන්ඩ්රික්ස්, ඩේවිඩ් මිලර්, ක්‍රිස් මොරිස්, ඩේන් පැටර්සන්, ආරොන් පන්ගිසෝ, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ, ටබ්රායිස් ශම්සි සහ ජොන් ජොන් ස්මුට්ස් නම්කර තිබෙනවා.