Gossips

අලුත්ගම අනතුරකින් තරුණියක් ජිවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අලුත්ගම, පාදාගොඩ ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ සහෝදරයා අනතුරෙන් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූ පුද්ගලයා කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අලුත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.