මඩේ එරීමෙන් වනඅලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වඟුරු බිම සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට වනජිවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දැනටමත් එහි පාසි ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමක මියගොස් සිටියදී හමුවූ වන අලි හත්දෙනාගේ සිරුරු ඊයේ (03) ගොඩගනු ලැබුවා.
ඒ, පොළොන්නරුව වනජීවී කාර්යාලයේ සහ යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්.
මෙම වන අලි හත්දෙනාගෙන් පස්දෙනෙකුගේ සිරුරු පසුගිය සෙනසුරාදා සොයාගත් අතර, අනෙක් සිරුරු දෙක හමුවූයේ පෙරේදා දිනයේදියි.
කෙසේ වෙතත් පරිසරවේදීන් පෙන්වා දුන්නේ වන අලි 7දෙනෙකු එකවර මෙලෙස වගුරු බිමකට වැටී මියයාම සැකයට තුඩුදෙන බවයි.
