Gossips

අලි වැටක් වෙනුවට තල් වැටක්

වන අලි දුම්රියේ ගැටීම වළක්වාලිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරිම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත භාර දිමට නියමිතව තිබෙනවා.
අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරික්ෂණය කිරිම සඳහා සමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරිමටයි විෂයභාර අමාත්‍යවරයා මිට පෙර කටයුතු කරනු ලැබුවේ.
ඒ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, කන්කසන්තුරේ ආදි ප්‍රදේශවල සිදු කළ නිරික්ෂණ සහ ඊට අදාළ යෝජනා එම වාර්තාවේ ඇතුළත්.
පසුගිය දින කිහිපය තුළම වන අලින් දුම්රියේ ගැටිම පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා දුම්රියේ ගැටීමෙන් වන අලින් 12 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
මේ අතර, අම්පාර සහ මඩකලපුව මායිමේ පිහිටා ඇති වෙල්ලාවෙලි ,සින්නවත්ත සහ ගෝනගල ආදි ප්‍රදේශ වල ජනතාව වන අලි තර්ජන හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටිනවා.
ඒ හේතුවෙන් අලි වැට වෙනුවට තල් වැටක් ඉදිකිරීමට යාමේදී ප්‍රදේශවාසීන් ඊයේ ඊට විරෝධය පළ කළා.