නීතිවිරෝධී ලෙස අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ පවරා ඇති නඩුවෙන් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනා නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
ඒ අනුව නීතිපතිවරයා, ගොනු කර තිබූ අධි චෝදනා පත්ර ප්රතික්ෂේප කිරීමටයි විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.
විත්තියේ නීතිඥයින් තම සේවා දායකයින්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්ර කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බවට ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතාව පිළිගනිමිනුයි අලි රොෂාන් ඇතුළු 7 දෙනා මෙලෙස චෝදනාවලින් නිදහස් කර ඇත්තේ.
