Gossips

අලි රොෂාන් ඇතුළු 7 දෙනාට කොන්දේසි සහිත ඇප

අලි ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනාට කොළඹ විශේෂ මහාධිකරණය අද කොන්දේසි සහිතව ඇප ලබාදුන්නා.
ඒ, නිසි බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් 04 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 24 ක් යටතේ මොවුන්ට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවට අදාළවයි.
ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත ඔවුන්ට ඇප ලබාදීමට නියම කළ අධිකරණය ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.
එමෙන්ම, ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස නියෝග කළ අතර, මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කර තිබෙනවා.