ව්‍යාජ බලපත්‍රයක් උපයෝගී කරගෙන අලියෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු තුන් දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, සැකකරුවන් ඊයේ පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තිදෙනාටම රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ.
කෙසේ වෙතත්, ඇප නියම වූ නිරාජ් රොෂාන් හැර අනෙක් දෙදෙනාට ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා රාත්‍රී 12 ට පමණ පන්නිපිටිය – පැලවත්ත – ගැමුණු මාවතේ පදිංචි අලි රොෂාන් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකාරිනියක් සහ හිටපු නිලධාරියෙකු ද ඊට සම්බන්ධ බවට චෝදනා මත අත්අඩංගුවට ගැනුණා.
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් මීට පෙර 2015 වසරේදී අත්අඩංගුවට ගනු ලැබූයේ අලි ජාවාරමේ නිරත වූ බවට චෝදනා නගමින්.
වනාන්තරවල සිටින අලි පැටවුන් අල්ලාගෙනවිත් විවිධ පුද්ගලයන්ට විකුණූ බවට ඔහුට චෝදනා එල්ල වනවා.
මොහු සන්තකයේ අලි පැටවුන් රදවාගෙන සිටි බව ද සදහන්.
එලෙස ඔහු රඳවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනෙකු පසුව වනජිවි දෙපාර්තමේන්තුව භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාර කෙරුණා.
