Gossips

අලි මන්තරය වැරදී වන අලියෙකු අතින් පුද්ගලයෙකු මැරුම් කෑ හැටි ජංගම දුරකථනයක සටහන් වෙයි

පුද්ගලයෙකු වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා.
වෙහෙරගල ජලාශයට ආසන්න, යාය 03 කලාපයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මන්තර බලයෙන් අලියා මෙල්ල කිරීම උත්සහ කිරීමට යාමේදී අදාල පුද්ගලයා මෙලෙස එම සත්වයාගේ ප්‍රහාරයට ලක්වනවා.
වන අලියාගේ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි කතරගම – වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සංවේදී දර්ශන සහිතයි.