Gossips

අලි මන්තරකරුවෙකු වනඅලි ප්‍රහාරයකින් මරුට

මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කිරීමට හැකි පුද්ගලයෙකු, අලියෙකු පහරදීමෙන් මියයාමේ පුවතක් වෙහෙරගල ජලාශයට ආසන්න, යාය 3 කලාපයෙන් වාර්තා වනවා.
මෙම තරුණයා කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සංචාරකයින් පිරිසක් සමඟ සතුන් නැරඹීම සඳහා ගොස් ඇත්තේ ඊයේ (18) පස්වරුවේයි.
එම අවස්ථාවේදීයි ඔහු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා මන්තර බලයෙන් අලි මෙල්ල කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලාගෙන ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 41 හැවිරිදි කතරගම – වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.