Gossips

‘අලි බාබා’ නිර්මාතෘ ජැක් – මා විශ්‍රාම ගනී

අන්තර්ජාල වාණිජකරණය තුළින් ඩොලර් බිලියන 400ක් වටිනා අලිබාබා ව්‍යාපාරය ගොඩනැගූ චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජැක් – මා ඔහුගේ 54 වන ඡන්ම දිනය යෙදී ඇති ලබන සඳුදා විශ්‍රාම ගැනීමට සැරසෙනවා.
තවදුරටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැදී සිටින නමුදු ඉදිරි කාලය තුළ අධ්‍යාපනය උදෙසා ජනහිතකාමී කටයුතුවල නිරතවීම සිය අරමුණ බව ජැක් – මා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කළා.
ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට පෙර වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ඔහු සඳහන් කළේ ඉදිරි කාලය තමාගේ නව ආරම්භයක් සේ සලකන බවයි.