Gossips

අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු පාළු ළිඳකින් හමුවෙයි (ඡායරූප)

වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේ පැරණි පාළු ළිදකට වැටී මියගොස් සිටි වන අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ප්‍රදේශයේ පිරිසක් විසින් ඊයේ (04) සොයා ගෙන තිබෙනවා.
මෙම අලිපැටවුන් දෙදෙනාගේ මළ සිරුරු පරීක්ෂා කළ වවුනියාවේ වනජීවී නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම අලි පටවුන් දෙදෙනා ලිදට වැටී ඇත්තේ මීට මාස එකහමාරකට පමණ කාලයකට ඉහතදී බවයි.
වනජීවී නිලධාරීන් සැකකරන්නේ වතුර බීම සදහා පැමිණි මෙම අලි පැටවුන් දෙදෙනා ළිදට වැටෙන්නට ඇති බවයි.
අලි පැටවුන් දෙදෙනා ළිදට වැටීම ගැන කිසිවෙකුත් තොරතුරු නොදන්නා නිසා ඔවුන් දෙදෙනා ළිද තුලම මිය යන්නට ඇතැයිද වනජීවී නිලධාරීන් විශ්වාස කරනවා.
අලි පැටවුන් දෙදෙනා ලිදෙන් ගොඩ ගෙන ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වා අලි පැටවුන් දෙදෙනාගේ මළ සිරුරු මිහිදන් කිරීමට වන ජීවී නිලධාරීන් බලාපොරොත්තු වනවා.