Gossips

අලි ඇතුන් අතර වැළඳෙන පටිපණු රෝගයට ඖෂධ ඉන්දියාවෙන්

මෙරට හිලෑ අලි ඇතුන් අතර හඳුනා නොගත් පටි පණු රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට අනාවරණ වී තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යාපීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ තණ බිම් මත ජීවත් වන මයිටාවෙකුගෙන් මෙම රෝගය ශරිර ගත වන බවයි.
සාමාන්‍යයෙන් අලි ඇතුන්ට පණු රෝග වැළඳෙන අතර, මෙම පටි පණුවා පාලනය කිරිම ඉතා අසීරු බව ද පර්යේෂකයින්ගේ අදහසයි.
රෝගය මර්ධනය කිරිමට අදාළ ඖෂධ මෙරට නොමැති නිසා හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ මැදිහත්වීමෙන් ඒවා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට පියවර ගත් බවයි මහාචාර්ය අශෝක දංගොල්ල කියා සිටියේ.