Gossips

අලිමංකඩේ ගම්මානයට විරෝධය

කැකිරාව – ඉහළගම ප්‍රදේශයේ අලිමංකඩක් හරස්වන ලෙස ඉදිකළ රජයේ නිවාස ව්‍යාපෘතියක් හේතුවෙන් අලින් ගම් වැදීමට පටන් ගෙන තිබෙනවා.
එම ගැටලුව පිළිබඳව සොයාබැලීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කැකිරාව ප්‍රදේශයේ සංචාරයක් නිරත වුණා.
කැකිරාව – ඉහළගම ප්‍රදේශයේ පස්වන සැතපුම් කණුව ආසන්නයේ ඉහළගම නව නිවාස ව්‍යාපෘතිය රජය ආරම්භ කර ඇත්තේ මීට වසරකට පමණ ඉහතදියි.
වනජීවී දෙපාර්තමේන්තුව පැවසූවේ මෙහි ඉදිකිරීම් අලිමංකඩක් අවහිර වන ආකාරයට සිදුකර ඇති බවයි.
මේ හේතුවෙන් අදාල ව්‍යපෘතියට අයත් නිවාස 25කට පමණ වන අලි තර්ජන මතුව තිබෙනවා.