Gossips

අල්ෂබාබ් කැරළිකරුවන් 13 දෙනෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට

සෝමාලියාවේදී අල්ෂබාබ් කැරළිකරුවන් 13 දෙනෙකු ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොගඩිෂු අගනුවරින් පිටත ප්‍රදේශයකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් අල්ෂබාබ් කැරළිකරුවන් හැට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.