Gossips

අල්ලස් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකුට වැඩ වරදී

රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අද(09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නීතිවිරෝධී කටයුත්තකට පැමිණි බවට චෝදනා කොට ඔහුට විරුද්ධව කටයුතු නොකිරීම සඳහා කොස්තාපල්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා සිටි බව සඳහන්.
එතෙක් ඔහුගේ ජාතික හැඳුනුම්පත සහ ජංගම දුරකථනයද ලබාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ පුද්ගලයා මුදාහැරීම සඳහා රුපියල් විසි දහසක් ඉල්ලා ඇති අතර, පසුව එය රුපියල් දස දහස දක්වා අඩුකර එම මුදල් ලබාගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.