Gossips

අල්ලස් ගනිද්දී කොක්අඩිචෝලේ ඕ.අයි.සී. අල්ලයි

රුපියල් 25,000 ක අල්ලස් ගැනීමට තැත් කිරීමේදී මඩකලපුව – කොක්අඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොක්අඩිචෝලේ පොලීසිය අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එය නිදහස් කිරීම සඳහා ස්ථානාධිපතිවරයා රුපියල් 30,000ක අල්ලසක් ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.
එහි පළමු කොටස වශයෙන් ඊයේ දිනයේදී රුපියල් 25,000 ක මුදලක් අදාළ ටිපර් රථ හිමියාගෙන් ලබාගැනීමට යාමේදියි මෙම ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.