කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය 13 වැනිදා සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
