Gossips

අල්ලස් ගත් සැළසුම් නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් 15000 ක අල්ලස් මුදලක් ලබාගත් නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අංශයට අනුයුක්ත සැළසුම් නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු බත්තරමුල්ල – සෙත්සිරිපායේ පිහිටි බස්නාහිර පළාත් නාගරික සංවර්ධන අධිකාරියේදී ඊයේ (04)අත්අඩංගුවට ගත් බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් තම මවට අයත් ඉඩමේ මායිම් සැළැස්ම අනුමත කරදීම සඳහා අවස්ථා 3 කදී රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් මොහු ලබාගෙන තිබෙනවා.
පසුව එම ඉඩමේ සැලැස්ම අනුමත කරදීම සඳහා අදාළ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට රුපියල් 40,000ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල රුපියල් 15,000 දක්වා අඩුකර, එය ලබාගැනීමට යාමේදියි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.