රුපියල් 45,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අක්කරෙයිපත්තුව ආලියඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගත්තා.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ව්‍යාපෘති සදහා වෙන් කරන ලද මුදල්වලට අදාළ චෙක්පත් ලබාදීමට අවශ්‍ය කටයුතු පහසු කරලීම සදහා ඔහු මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව සදහන්.
අදාළ මුදල එම සංවර්ධන නිලධාරියා විසින් ප්‍රදේශයේ වෙළදසැලක් තුළදී ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
