Gossips

අල්ලස් ගත් වෙන්නප්පුව ඒ.එස්.පී.ගේ වැඩ තහනම්

රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනු වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක බණ්ඩාරගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් කොමිසමේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් අදාළ සහකාර පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක හිමිකාරියගෙන් මෙම අල්ලස් මුදල ලබාගත් අවස්ථාවේදී සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා දිනයේයි.
ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.