Gossips

අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට

රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී හොරොව්පතාන – රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ 6 ශ්‍රේණිය සඳහා දරුවෙකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් විදුහල්පතිවරයා ඉල්ලා ඇති බවත්, ඉන් 5,000 ක අත්තිකාරම් මුදලක් අදාළ දරුවාගේ පියා විසින් ලබාදීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.