Gossips

අල්ලස් ගත් රහස් පොලිස් නිලධාරියා 22 වනදා දක්වා රිමාන්ඩ්

ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් මෙම පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාගේ නිවසේදීයි.
රුපියල් 80,000 ක මුදලක් මෙලෙස ඔහු විසින් ලබාගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කෙරෙන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා නොකර සිටීම සඳහායි.
සැකකාර පොලිස් සැරයන්වරයා මීට පෙරද අවස්ථා කිහිපයකදී රුපියල් පන්ලක්ෂ 13,500 ක මුදලක් අදාළ ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති බව ද වාර්තා වුණා.