රුපියල් 25,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු කළුතර පදිංචි පුද්ගලයෙකු මිලදී ගත් ඉඩමක මුද්දර ගාස්තු අඩුකර ගෙවීම සඳහා ඔහු මෙම අල්ලස ලබාගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ.
පළමුව රුපියල් 27,500 ක අල්ලසක් ඉල්ලා ඇති තක්සේරුකරු පසුව එය 30,000 දක්වා වැඩි කර නැවත රුපියල් 35,000 දක්වා අල්ලස් මුදල වැඩි කර තිබීම විශේෂත්වයක්.
